Colombo Today Local News

මැණික් ගලක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 14ක් කොල්ලකෑ කාන්තාවක් අත්අඩංගුවේ

මැණික් ගලක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 14ක මුදලක් කොල්ලකෑ කාන්තාවක් පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2019.09.05 වන දින කඳාන පොලිස් වසමේ දී මැණික් ගලක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 14ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් කඳාන පොලීසියට ලද පැමිණිල්ලක් මත මෙහි විමර්ශන අරඹා ඇත.

ඒ අනුව අද (30) උදෑසන 10.10ට පමණ කඳාන පොලිස් වසමේ දී මෙම කාන්තාව අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 47 ක් වු අයිවරි ගාර්ඩ්න්, කඳාන ලිපිනයේ පදිංචිකාරියකි.

සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 9 දෙනෙක් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

ප්‍රධාන සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

Related posts

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

Admin

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්, පුවක්. දුම්කොල තහනම්… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

රන්ජන්ගේ නැතිවූ උණ්ඩ 23ට සිදුවූ දෙය පොලීසිය සොයයි

colombotoday

මහ බැංකුවෙන් උතුරට උපරිම සේවයක්

colombotoday

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

colombotoday