World

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

මාලි රාජ්‍යයේ ජනාධිපති සහ අගමැති එරට හමුදා කඳවුරක රඳවාගෙන ඇති බව වාර්තා වේ.

මාලි රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක, හමුදා සාමාජිකයින් පිරිසක් විසින් ඔවුන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමුදා කැරලිකරුවන් විසින් ජනාධිතිවරයා, ඔහුගේ පුත්‍රයා සහ අමාත්‍යවරුන් කිහිපදෙදෙනක් ඇතුළු පිරිසක් ඊයේ (18)දින පස්වරුවේ සිය භාරයට ගෙන තිබුණි.

එම සිදුවීමෙන් පැය කිහිපයකට පසුව තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ඊබ්‍රාහිම් බුබකාර් කීටා නිවේදනය කළේය.

හමුදාවේ ඇතැම් පාර්ශ්වයන් මෙම මැදිහත්වීම අත්‍යවශ්‍ය බවට තීරණය කර ඇති බැවින් තමාට වෙනත් තෝරාගැනීමක් නොමැති බව ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම බලයේ රැඳී සිටීම සඳහා අගනුවර ලේ වැගිරීමක් සිදුකිරීමට තමාට අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර පැවති පාර්ලිමේන්තුව ද ඔහු විසින් විසුරුවාහැර ඇතැයි සඳහන් වේ.

ජිහාද් කැරලිකරුවන් සමග පවතින අඛණ්ඩ ගැටුම් හා තමන්ට ලැබෙන වැටුප් සම්බන්ධයෙන් මාලි රාජ්‍යයේ ඇතැම් හමුදා කණ්ඩායම් දැඩි කෝපයකින් පසුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට රටේ පාලනය භාරව සිටින්නේ හමුදාව ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

Related posts

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වෙයි

colombotoday

කොරෝනා එන්නත් ලබා ගැනීමේ අවස්ථා චීනය මැදිහත්වී නවත්වනවා | තායිවාන ජනාධිපතිගෙන් චෝදනා.

colombotoday

දේශපාලනයෙන් හමුදාව පවා දුන්නා. – ඇෆ්ගන් හමුදා ජෙනරාල්වරයෙකුගෙන් හෙළිදරව්වක්.

colombotoday

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

colombotoday