Colombo Today Local News

මාලදිවයිනේ සිටි ලාංකිකයන් 291 දෙනෙකු දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් මාලේ නුවර සිට අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බව වාර්තා වේ.

මාලදිවයිනේ රැකියාවන්හි නිරත වී සිටි පිරිසක් මෙලෙස පැමිණ ඇති අතර කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ඔවුන් දිවයිනට පැමිණීමට නොහැකිව එරට සිර වී සිට ඇති බව සඳහන්.

දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිස කටුනායක ගුවන් තොටුපලේ දී පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අදාල වාර්තා ලැබෙන තෙක් ඔවුන් සංචාරක හෝටල් කිහිපයක නවාතැන් ගෙන තිබේ.

අදාල පරීක්ෂණ වාර්තා නිකුත් වීමෙන් අනතුරුව එම ශ්‍රී ලාංකිකයින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

Related posts

ධනුෂ්කට එරෙහි චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ

Admin

මහාචාර්ය නීලිකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉවත් වෙයි

colombotoday

මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා සියලු විසඳුම් දෙනවා – ජනපති

colombotoday

හදිසියක් නම් අමතන්න ලිට්රෝ සමාගමෙන් අංකයක්

colombotoday

හිරුණිකාට, රංජන්ට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වාගෙන් අභියොගයක් !

colombotoday

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙයි…

colombotoday