Colombo Today Local News

මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීම පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න මතු කළත් තම කණ්ඩායමේ කිසිදු සාමාජිකයකුට එය ප්‍රශ්නයක් වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් මින්පෙර රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කිරීමක් හෝ ඡන්දය දීමක් සිදු නොකළ බව සිහිපත් කළේය.

“විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකළත් එතුමා ඊට පක්ෂව ඡන්දය දෙනවා. එහෙම අත්සන් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවකුත් නැහැ.මොකද? ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු නායකයා වන්නේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.එතුමා ඊට අත්සන් කළා ” පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීම ගැන අපේ කණ්ඩායමේ කවුරුවත් ප්‍රශ්න කළේ නැහැ. ඒ ගැන ප්‍රශ්න නො කළා පමණක් නොවෙයි. අපි එතුමාට කියන්නේ එවැනි යෝජනාවලට අත්සන් කරන්න එපා කියලයි”

එවැනි පිළිවෙතක් අනුගමනය කරනු ලබන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට බවත්පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියි.

BBC

Related posts

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති

colombotoday

“නාමල්ගේ ඩුබායි ගිනුමි වල සල්ලි ලබන සතියේ ලංකාවට ගේනවා” – රාජිත

colombotoday

හමුදාවට අපහාස කළ මහඇමතිට කන්න බොන්න දීල නලවනව.. දැක්කම දුකයි, සිංහල ජාතියම පාවා දීල ඉවරයි

colombotoday

දුම්රියේ වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු 30 %කින් ඉහළට

colombotoday

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

ආයතන 12ක් ඉන්දියාවට විකිණීමට මෛත්‍රි – රනිල් ගිවිසුම් ගහලා

colombotoday