Colombo Today Local News

මහා බදු වංචාවක්.. එන්රික් ගෙන්වූ සංගා-මහේලගේ සමාගම බ්ලැක් ලිස්ට්

tanapata-ahasata2ලතින් අමෙරිකානු ගායකයෙකු වන එන්රික් ඉග්ලෙසියස් මෙරටට ගෙන්වා සංගීත ප්‍රසංගයක් සංවිධානය කළ ආයතනය අසාදු ලේඛනයට ඇතුළත් කරන බව කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (30 වැනිදා) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බව කියන ‘Live Events’ නැමැති ආයතනය විසිනි.

එම ආයතනය සංවිධානය කළ එම ප්‍රසංගයෙන් රුපියල් මිලියන 29ක පමණ බදු මුදලක් අහිමි වී ගිය බවත්, එම මුදල ගෙවීමට සති දෙකක් ලබාදෙන බවත්, මුදල ගෙව්වත් නැතත් එකී ආයතනය අසාදු ලේඛන ගත කරන බවත්, හෙතෙම අවධාරණය කළේය.

මුදල් නොගෙවන්නේ නම් නීතිමය පියවර ගැනීම ගැන අවධානය යොමු කරන බවද නගරාධිපතිවරයා පැවසුවේය.

අදාළ ප්‍රසංගයේදී අලෙවි කළ ප්‍රවේශපත්‍ර වලින් 7000ක පමණ කොළඹ මහනගර සභාවේ මූද්‍රාව ඇතත් තවත් ප්‍රවේශපත්‍ර 3000ක පමණ එම මූද්‍රාව නැති බවට සැක කරන බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණ.

Related posts

ඩොලර් මිලියන 1000ක ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය වසරකින් දීර්ඝ කෙරේ…

Admin

බඹරුන්ගෙන් බේරෙන්න ගිය සිසුවෙක් ප්‍රපාතයකට ඇදවැටි මරුට

Admin

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday

රෝගී ජීවිත අනතුරේ – අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 319 ක හිගයක්.

colombotoday

විදේශය සංචාරකයන්ගේ පැමිණීම සියයට එකසිය හැත්තෑපහ ඉක්මවයි

Admin

සාමකාමී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් සැකකරුවෙකු කරමින් CIDයෙන් අධිකරණයට බී වාර්තාවක්

colombotoday