Colombo Today Local News

මහනුවර යළි සෙලවෙයි

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ අද (02)දින පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවය.

කෙසේවෙතත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පවසයි.

පසුගිය 29 වනදා රාත්‍රීයේ මහනුවර, අනුරගම ප්‍රදේශයෙන් ද පොළොව සෙලවීමේ සිදුවීමක් වාර්තා වූ අතර ඊට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Related posts

යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු 3ක් තිස්සේ කරපු වැඩ ගැන ජනපති කියයි

colombotoday

පී.බී ගේ පුටුවට ගාමිණි එයි

colombotoday

හාල් ගිනි ගණන් – කමක්‌ නැහැ බියර් බීපල්ලා

colombotoday

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

colombotoday

කොටි පරදවන්න මා සුවිශාල කාර්යයක් කලා, කාඩ්බෝඩ් වීරයන්ට මතක නෑ.. කොටින්ගේ ඝාතන ලයිස්තුවේ මා සිටියේ උඩින්මයි.

colombotoday