Colombo Today Local News

මම දැනන් හිටියෙත් නෑ මට ආපු දුරකථන ඇමතුම් ටික පාස්කු කොමිසම නිවැරදිව හොයා ගෙන තිබ්බා -හරීන් කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන්දු ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා දී තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව තම පියා පෙර දැනුවත්ව සිටියේ යැයි හරීන් ප්‍රනාන්දු මහතා සිදුකර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට මන්ත්‍රීවරයා කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී සාක්ෂි ලබා දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, මෙරට කතෝලික සභාවේ නායකයා සෑම වසරකම පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාව පවත්වන පසුබිමක පසුගිය වසරේ පමණක් එය සිදුනොකරන ලද්දේ උන්වහන්සේ ප්‍රහාරය පිළිබඳ පෙර දැනුවත්ව සිටි නිසා ද යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකළ යුතු බවය.

පසුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් ප්‍රනාන්දු මහතා විමසා සිටියේ, අගරදගුරු හිමිපාණන් සෑම වසරකම පාස්කු දේව මෙහෙය පවත්වනු ලබන්නේ ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රියේ බව මම ඔබට යෝජනා කළොත් එය පිළිගන්නේ ද යන්නය.

එහිදී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, තමන් ඉහත කළ ප්‍රකාශය පදනම් විරහිත ව හුදෙක් මනසට ආ පමණින් සාක්ෂි නොමැතිව සිදුකළ ප්‍රකාශයක් බව පිළිගන්නා බවය.

කෙසේවෙතත් ජනාධිපති කොමිසම හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සිදුකළ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී හරීන් ප්‍රනාන්දු මහතා ඊට ප්‍රතිචාර දැක්වමින් කියාසිටියේ, “මම ඇත්තටම සතුටු වෙනවා, විශේෂයෙන් ම මම දැනන් හිටියෙත් නෑ මට ආපු දුරකථන ඇමතුම් ටික නිවැරදිව හොයා ගෙන තිබ්බා. තාත්තට දුරකථන ඇමතුම් ආව අය ගැනත් උසාවිය හොයා ගෙන තිබුණා.” යනුවෙනි.

“මේ ප්‍රශ්නේ දී මට ගහන්න ඕන මඩ ටික අවශ්‍ය මිනිස්සු ගැහුවා. නමුත් අද සත්‍ය අවබෝධ වෙලා තියෙනවා… මම තමයි කොන්ද කෙලින් තියාගෙන පළමු වරට ආණ්ඩුව මේකට වගකියන්න ඕනේ කියලා කිව්වේ. රජය මේක ගැන දැනුවත් ව හිටියා කියලා. ඒක කියපු එක මට කැරකුණා. මම සියලු දේ ඔප්පු කරලා පෙන්නුවා. මාධ්‍යයට ඕනේ නම් ආතල් එකක් ගන්නත් පුළුවන්.”

Related posts

ඇමති සනත් නිශාන්ත මාධ්‍ය කැදවා වන නිලධාරිනියට නෝන්ඩි කරයි… පුත්තලං බූරුවන්ට ඇමතිකම් දුන්නාම වෙන දේ !

colombotoday

බඩු මිල ඉහළ ගිය සතුටට එජාප මන්ත්‍රිවරු කිරිබත් බුදියි

colombotoday

සන්ධාන මන්ත්‍රීන් දෙදෙනෙක් විපක්ෂයට….

colombotoday

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති කටුනායකදී CID අත්අඩංගුවට

colombotoday

දිලිත් ජයවීරගේ පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

Admin

සබරගමුවේ ඉරිදා උදේ හා පෝ දා ටියුෂන් තහනම දැඩිව ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

Admin