Colombo Today Local News

මධූෂ්ගේ බිරිඳ රහසේම ලංකාවට ඇවිත් – CID අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තු බාරයේ පසුවන පාතාල නායක මධූෂ්ගේ ඩුබායිහි සිටි බිරිය වශයෙන් සැලකෙන තැනැත්තිය ඊ‌යේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඇය මධුෂ්ව බැලීමට ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඊ‌යේ රාත්‍රී ‌මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඇය මුදා හැර ඇති බව වාර්තා ‌වනවා.

මෙම තැනැත්තිය තවත් පාතාල නායකයකු වූ ‘කළු තුෂාර’ නැමැත්තාගේ බිරිය වන අතර 2012 වසරේ සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලේදී ‌හෙතෙම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුව මාකදුරේ මධුෂ් ඇයව ඩුබායි රාජ්‍යයට ‌ගෙන්වා ගත් අතර ඔහුගේ බිරිය ‌ලෙස කල් ගත කර ඇති බව පැවසෙනවා.

මධූෂ්ට දාව ‌මෙම තැනැත්තියට දරුවකුද සිටින අතර මධූෂ් අත්අඩංගුවට පත්වූයේ එම දරුවාගේ පළමු උපන්දිනය ‌වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සුපිරි ‌හෝටලයක පැවති සාදයකදීයි.

Related posts

අල්ලස් ගත් පොලිස් සැරයන්ට වැඩ වරදී…

Admin

ගල් ප්‍රහාරයකින් පොල්පිතිගම පුද්ගලෙයෙක් මරුට

colombotoday

එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි වාරණ නියෝගය අත්හිටුවයි

colombotoday

උසස් පෙළ සිසුන් එන්නත්කරණය කොළඹින් ඇරඹේ

colombotoday

පළාත් රැසකට අද වැසි

colombotoday

අත්අඩංගුවට ගත් ජේලර් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday