Colombo Today Local News

මධුෂ්, අමල් ඇතුළු පිරිස ඉදිරි දින කිහපයේදී ලංකාවට පිටුවහල්…

ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් සහ ගායක අමල් පෙරේරා ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. 

පසුගියදා මාකඳුරේ මධුෂ් සමග සාදයකට සහභාගිවී සිටියදි අමල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායිහිදි එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදි ඔවුන් බන්ධනාගාර ගත කිරීමටයි එරට ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවේ. 

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළදි ඔවුන් මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇති බවයි අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතා ප්‍රකාශ කළේ. 

ඔවුන් අද දිනයේ හෝ හෙට දිනයේ මෙරටට පිටුවහල් කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ඔවුන් සමග අත්අඩංගුවට පත්වු අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ කංජිපානි ඉම්රාන් ඇතුළු 05 දෙනෙකු මෙරටට පිටුවහල් කළ අතර දිවයිනට පැමිණි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Related posts

නිහාල් ෆොන්සේකා මුදල් මණ්ඩලයට

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

රියදුරු බලපත්‍ර අලුත්කිරීමේ කාලය දීර්ඝ කරයි.

colombotoday

ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනාට මරණ දඩුවම දිය යුතුයි, ඒ සදහා නීති තියනවා

colombotoday

නාවික නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්…

colombotoday

කැබිතිගොල්ලෑවේදී පොලිස් සැරයන්වරයා ඝාතන සිද්ධියට 13ක් රිමාන්ඩ්

Admin