Colombo Today Local News

මත්කුඩු ජාවාරම මැඩලීමට අලුත් බලකායක් වැඩට බහී…

කොකේන්, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීම සඳහා පොලිස් නිල සුනඛ බලකායක් පුහුණු කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම කණ්ඩායමේ නිල සුනඛයින් 70 දෙනෙකුගෙන් සමන්විත බවයි.

පොලිස් නිල සුනඛ කොට්ඨාසය සතුව මේ වනවිට පුහුණුව ලත් සුනඛයින් 222 දෙනෙකු සිටින අතර ඉන් 70 දෙනෙකුට මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දී තිබේ.

මෙම සුනඛයින් අතුරින් 60 දෙනෙකු විදේශයෙන් ගෙන්වා, මෙරටදී විශේෂ පුහුණුවක් ලබා දුන් සුනඛයින් වන අතර ඔවුන්ට ලොව පවතින අතිනවීන ආකාරයේ පුහුණුවක් ලබා දීමට පොලිස් නිල සුනඛ කොට්ඨාසය කටයුතු කර ඇති බව, පොලීසිය ප්‍රකාශ කළේ ය.

මේ අතර කටුනායක ගුවන් තොටුපොළ හා කොළඹ වරාය සඳහා වෙනම නිල සුනඛ ඒකක ස්ථාපනය කර තිබේ.

එමගින් මෙරටට රහසිගතව රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීමට අවස්ථාව ලැබෙන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.

පොලීසිය සඳහන් කළේ, මීට අමතරව, ගාල්ල හා හම්බන්තොට වරායන් මෙන්ම මත්තල ගුවන්තොටුපළ සඳහා ගාල්ල නිල සුනඛ ඒකකය මගින් වැටලීම් සිදුකරන අතර ඉදිරියේදී නවීන මත්පෙති වර්ග වැටලීම සඳහා වන විශේෂ පුහුණුවක් නිල සුනඛයින්ට ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

Related posts

ශී‍්‍රලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා

colombotoday

ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

Admin

රත්නපුරේදී රිය අනතුරක්

Admin

රාජිතගේ ටිකට් කපන්න ලංකාවෙන් 140ක් ගිහින් ! ටිකට් කැපූ රාජිත යාබද සුපිරි නිවාස සංකීර්ණයක විවේක සුවෙන්

colombotoday

‘කොටි හඬ’ට පණ එයි! යළිත් විකාශණය ඇරඹේ

colombotoday

මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 18ක ජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

colombotoday