Colombo Today Local News

බෞද්ධ අධ්‍යාපනයේ මුදුන්මල්කඩ, විද්‍යොදය, විද්‍යාලංකාර මහ පිරිවෙන්වලින් ජාතියට නිවේදනයක් !

‍මෙරට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙස සැළකෙන විද්‍යෙදය සහ විද්‍යාලංකාර මහ පිරිවෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එළඹෙන ජනාධිපතිවරණය රටට, ජාතියට ඉතා වැදගත් එකක් බවත්, ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන, ජාතික ආරක්ෂාව සැලසීමේ පලපුරුද්ද ඇති නායකයෙකුට රටේ බලය ලබාදිය යුතු බව එම නිවේදන මගින් පෙන්වා දෙයි.

යුද්ධය නිමාවී නිදහස් හුස්ම ගැනීමට හැකිවූයේ වසර දහයක් පමණක් බවත්, අමනෝඥ පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට සමාජය නැවත වරක් ත්‍රස්ත බියෙන් අැළලී ගිය බවත්, බටහිර න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන, බෙදුම්වාදී බලවේගවලට යළි බලය ලබා නොදිය යුතු බවත්, රටට, ජාතියට, ශාසනයට ආදරය කරන, අන්තවාදයට යටත් නොවී රටේ එකම නීතියක් ක්‍රියාත්මක කළ හැකි, සෘජු තීරණ ගන්නා ශක්තිමත් නායකයෙක් පත්කර ගැනීමට සමස්ථ ශ්‍රී ලාංකිකයන්ම කටයුතු කළ යුතු බවද එම නිවේදනය මගින් වැඩිදුරත් ප්‍රකාශ කර ඇත.

විද්‍යාලංකාර මහ පරිවෙනාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් සහ විදුදැය මහ පිරිවෙන්පති පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමියන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත්කර ඇත.

Related posts

බස්නාහිර පළාතේ විදුලි කණු, දුරකථන කණුවල ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස නියෝග

colombotoday

රනිල්ට යළි අගමැතිකම දෙන්නෑ… එජාපයේ වෙනත් අයෙකු ගැන සලකා බැලිය හැකියි – ජනපති ඉන්දියාවටත් කියයි

colombotoday

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක්

colombotoday

ඝාතනය කර ඇති තරුණියකගේ සිරුරක් හමුවෙයි

Admin

චීනයෙන් ලබාදෙන මානුෂිය ආධාර වල පළමු සහල් තොගය නැව්ගත කරයි

colombotoday

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක්

Admin