Colombo Today Local News

බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ චන්දරේගෙ පුතා.. මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

මේ දිනවල ආන්දෝලනයකට ලක්ව ඇති කුරුණෑගල ගොඩනැගිල්ල බුවනෙක හෝටලය ආරම්භ කිරීම සදහා 35 වසරක බදු පදනම යටතේ ලබා දුන්නේ හිටපු එජාප ඇමතිවරයෙකු වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා විසින් බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කුරුණෑගල නගර සභාවේ සියලු මන්ත්‍රීවරුන් එක්ව පොදු තීරණයක් ගෙන එම ගොඩනැගිල්ල ආපසු පවරා ගත් බවද ඔහු පවසයි.

එම හෝටලය චන්ද්‍රසේන යන අයෙක්ට බදු පදනම යටතේ ලබාදී තිබු බවත් දැන් කියනා කාරණා අනුව බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ චන්දරේගෙ පුතා බවත් ඇමතිවරයා කියයි.

තමන් කුරුණෑගල නායක ලෙස සිටින තාක්කල් කුරුණෑගල නගරාධිපතිවරයා ඉවත් කිරීමට කිසිවකුට ඉඩ නොතබන ඔහු සඳහන් කළේය.

කුරුණෑගලදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් කරනු ලැබීය.

Related posts

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

colombotoday

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ පත් කෙරෙති

Admin

අග්බෝපුර ඕඅයිසී ට්‍රිපර් රථයක ගැටී මරුට

colombotoday

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin

Video සාලාව ගින්නේ මෙතෙක් නොදුටු වීඩියෝවක් පිටවෙයි

colombotoday

ඔලෙත්තෙඩුවායියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්

colombotoday