Colombo Today Local News

බැඳුම්කර නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවට මාරු කෙරේ

බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 4 වැනි දා සිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය  හමුවේ විභාගයට කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව විසින් තීරණය කර ඇතැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (29) සඳහන් කළේය.

එම සිද්ධියට අදාළ නඩුව අද (29) අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී අධිකරණ සේවා කොමිසන් සභාව විසින් එවන ලද ලිපියක් සම්බන්ධයෙන් එසේ කරුණු ඉදිරිපත් කළ අතර ලබන 4 වැනි දා සිද්ධියට අදාළ සැකකරුවන් ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

එසේම මෙහි සැකකරුවන් වු පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය එදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related posts

ගෑස් මිල ඉහළ දමන්නැයි ඉල්ලීම්

colombotoday

ලෝක පරිසර දිනය අදයි

colombotoday

විපක්ෂ නායක අසුන අල්ලාගත් මන්ත්‍රීගේ ධූරය අහෝසි වන ලකුණු?

Admin

රටේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත්වෙනවා

colombotoday

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි

colombotoday

පන්සල වට කල යහපාලන පොලිසිය රාජකාරියට බාදා කළායැයි ඥානසාර හිමිට විරුද්ධව ගොනු කල නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

colombotoday