Colombo Today Local News

බැඳුම්කරේට ඉදිරියේදී තවත් නඩු වැටේ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරි කාලය තුළ නඩු කිහිපයක්ම පැවරීමට රජයේ නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ‘දිවයින’පුවත් පත වාර්තා කර ඇත.

මේ යටතේ පවරන පළමු බැඳුම්කර නඩුව මසක් ඇතුළත පැවරීමට නියමිතව ඇති බවද දැන ගන්නට ඇත.

ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන මෙම වංචාව නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට රු. බිලියන දහසක (රු. ටි්‍රලියනයක) පමණ අති විශාල පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

මේ කූප්‍රකට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පියවර කිහිපයක් යටතේ නඩු පැවරෙන අතර ඒ යටතේ පවරන පළමු නඩුව 2015 පෙබරවාරි 27 දින සිදුවූ ආන්දෝලනාත්මක පළමු බැඳුම්කර වෙන්දේසියට අදාළව පැවරෙන බවද රජයේ නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මෙම බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට බොහෝ සේ අවසන්ව ඇති අතර මේ අනුව එම නඩුව මාසයක කාලයක් ඇතුළත පැවරීමට හැකිවනු ඇති බවත් එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දැනට උසාවියෙන් වරෙන්තු ලබා නීතිමය ක්‍රියාවලියට ඉදිරිපත් නොවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පර්පෙචුවල් ටේ‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පැවරීමට යන බවද රජයේ නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් ‘දිවයින’ට වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති බැඳුම්කර කොමිසමේ නිර්දේශ හරිහැටි ක්‍රියාත්මක නොවීම ගැන ජන සමාජයේ කතාබහට ලක්විය. එම වංචාවන්ට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගත යුතු බවට එම කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කරනු ලැබ තිබිණි.

Related posts

ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න ආ ජයම්පතී මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

බලු ප්‍රශ්නයක් ඝාතනයකින් කෙළවර වෙයි

colombotoday

“ඔයා කරගෙන යන්න, මගේ උපරිම සහය” ජයලලිතාගෙන් විග්නේෂ්වරන්ට ලිපියක්.. ළගදීම හමුවෙන්නත් යයි

colombotoday

“සිංහල – බෞද්ධ උතුරට එපා“ කියන “එළුඟ තමිල්“ විරෝධතාවට දෙමළ පක්ෂ රැසක් !

colombotoday

සජිත්ට එරෙහිව හකීම් උසාවියට

Admin

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන ඇතැම් මැති ඇමතිවරුන් ආරක්ෂා කරන බවට විමල්ගෙන් මැකො ට එරෙහිව චෝදනා

colombotoday