Colombo Today Local News

බ්‍රහස්පතින්දා ඡායා චන්ද්‍රගහණයක්

ඡායා චන්ද්‍රගහණයක් ලබන 05 වන දින මෙරටට දිස්වීමට නියමිත බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශය පවසයි.

එහි තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මාහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ මේ වසරේ දිස්වන දෙවන චන්ද්‍රගහණය මෙය වන බවයි.

ඒ අනුව එම ඡායා චන්ද්‍රගහණය ලබන 05 වන දින රාත්‍රී 11.15ට ආරම්භ වී ලබන 06 වන දින අලුයම 2.34ට අවසන් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රගහණය ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව සහ ආසියා සහ යුරෝපීය රටවල් රැසකට දිස්වනු ඇති බව මාහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

Related posts

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ පයාගල වෙරළට කඩාපාත් වෙයි

colombotoday

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි

colombotoday

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සූක්ෂමව වලදමා තිබූ අත්විලංගුවක යතුරක් හමු වෙයි

colombotoday

රාජ්‍ය සේවයට නව බදවා ගැනිමි වසරක කාලයකට නවතා දැමිමෙ චක්‍රලේකයක් ?

colombotoday

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණ යෝජනාව කතානායකට භාර දෙයි

colombotoday