හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අළුයම 5.00 දක්වා බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
මීට අමතරව සඳුදා උදෑසන 5න් පසුව බස්නාහිර පළාතේ මේවන විට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවලට දිගින් දිගටම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බවත් සෙසු ප්‍රදේශ සඳහා උදෑසන 5න් පසුව ඇඳිරිනීතිය ඉවත්වන බවත් හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.