Colombo Today Local News

බස්නාහිරින් පිටව ගිය 454 දෙනෙකු සොයාගනී

ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට පිටව ගිය පුද්ගලයින් 454 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ බණ්ඩාරවෙල, මඩකලපුව, අම්පාර, යාපනය, තංගල්ල සහ නුවරඑළිය යන ප්‍රදේශවල සංචාරක නිකේතනවල රැඳී සිටි පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවය.

ඇඳිරිනීතිය පැනවීමට පෙර පසුගිය 29 සහ 30 යන දිනවලදී බස්නාහිර ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ලංකාවේ විවිධ ප්‍රදේශවලට බස්නාහිර පළාතෙන් නිරෝධායන නීතියට පටහැනිව ගොස් සිටි පවුල්වල සාමාජිකයින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව බණ්ඩාරවෙල, මඩකලපුව, අම්පාර, තංගල්ල, නුවරඑළිය, මාතර සහ යාපනය යන ප්‍රදේශවලින් මේ ආකාරයට නිරෝධායන නීතියට පටහැනිව කටයුතු කරමින් සංචාරක නිකේතනවල ලැඟුම්ගෙන සිටි 454 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබෙනවා. ඔවුන් එම සිටින ස්ථානවලම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් නියෝග මත නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබෙනවා. කෙසේවෙතත් මේ මෙහෙයුම අදත් අපි ක්‍රියාත්මක කරනවා. එම මෙහෙයුමේ දී මේ අය පිළිබඳ තවදුරටත් සොයා ගැනීමට නොහැකි වුණත් නැවත සඳුදා දිනයේ දී ඔවුන් බස්නාහිර පළාතට ඇතුළුවන අවස්ථාවේ දී දැඩි පරීක්ෂාවකට ලක්කරනවා. ඉන්පසුව නිරෝධායනයට යොමු කරනවා. පසුව ලැබෙන සාක්ෂි මත අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනවා.”

Related posts

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ස්ථිරයි

colombotoday

මුදල් කාරක සභාවේ සභාපති අයි.එම්.එෆ් ගිවිසුමට අනුකූලව වැඩ කළ යුතුයි

Admin

සිව් හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

Admin

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට සළකන්නේ හමේ පාටටයි – මුරලිගෙන් තිලංගට දුස්රාවක් !

colombotoday

ශ්‍රීලනිප ජනපති සමග එජනිස ආණ්ඩුවක්.. මේ වසරේ බල පෙරළියක් !!

colombotoday