Colombo Today Local News

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල්ගේ විරෝධය….

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  එයට විරෝධය දක්වා තිබේ. 

එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරුලියේ රතන ස්වාමීන්වහන්සේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළුව මන්ත්‍රීවරුන් 29ක් අත්සන් තබා තිබේ.

කෙසේ වෙතත් අද පෙවරුවේ හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඇති අතර එහිදි මහින්ද රජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් අති බවත් දැන්ම ඉදිරිපත් නොකරන ලෙසත් දන්වා ඇත.

මූලිකම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංග යෝජනාවේ වැරදි ඇති බව සඳහන් කරමින් එයට විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි. 

Related posts

මිහින්තල පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

විල්පත්තු ගිය මාධ්‍යවේදියෙකුට මුස්ලිම් පිරිසක් වටකරගෙන පහර දෙති

colombotoday

සුදු නෙළුම අරන් තවලමේ ගිය ප්‍රබල ඇමති, චාවාකච්චේරි කොටියා එළියට දාන්න බරටම වැඩ

colombotoday

“ඔපරේෂන් ඩබල් ඒජ්” මෙහෙයුමෙන් හෙළිවූ කොටි ඔත්තුකරු පී රංජිත් යනු කවුද?

colombotoday

හොරාගෙන් පේන අසා “අක්බර් විද්‍යාගාරය” පුවත අසත්‍යයක් ලෙස නම් කිරීමට විරෝධය දැක්වීම

colombotoday

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

colombotoday