Colombo Today Local News

බඩ ඉරිගුවලට බැට දුන් සේනා, වට්ටක්කා, කව්පි වගාවක් ආක්‍රමණය කරයි…

සේනා දලුඹුවා විසින් අම්පාර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාව මෙන්ම වට්ටක්කා සහ කව්පි වගාවන්වලටද හානි සිදු කර ඇති බව වාර්තා වනවා.

මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර තුන්දහසක පමණ බඩඉරිඟු වගා විනාශ කර දමා ඇති බවයි අම්පාර කෘෂිකර්ම අධ්‍යක්ෂක එම් සනීර් මහතා කියා සිටියේ.

දමන, උහන, වඩිනාගල, පන්නල්ගම, මංගලගම හා කෙවිලියාමඩුව යන ප්‍රදේශවල විශාල වශයෙන් වගාවන්ට හානි සිදු ව තිබෙනවා.

තවද අදාළ ප්‍රදේශවල  වට්ටක්කා වගාවන්වලට ද  මෙම දළඹුවා ගෙන් හානි සිදුව ඇති බවයි අධ්‍යක්ෂකවරයා ලක් එෆ්.එම් ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.

මඩකලපුව, කෙවිලියා මඩුව සුමනරත්න විහාරස්ථානයේ අක්කර 15 ක් වූ ඉරිඟු  වගාවට ද   මෙම දළඹුවා ගෙන් හානි සිදුව ඇති බව සඳහන්.

Related posts

“ශ්‍රී ලංකාව කියා රටක් නෑ.. මෙහි නියම නම ඊළමයි” – විග්නේෂ්වරන් කියයි

colombotoday

මංගල සමරවීර පක්ෂයෙන් ගිය එක අපට ආශිර්වාදයක් – ෆොන්සේකා කියයි

colombotoday

පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday

වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක්

colombotoday

තවත් බොරු එපා.. ඉල්ලා අස් වෙන්න – GMOAගෙන් රාජිතට අභියෝගයක් !

colombotoday

වැට් බද්ද වැඩි කිරීම ගැන ජනපති දන්නෙත් නැතිලු.. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ ඔහුටත් හොරෙන්ද? – පෙරටුගාමීන් විමසයි

colombotoday