Colombo Today Local News

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇතැයි පැවසෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා පිළබඳව සොයා බැලීමට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව අද (01)දින සවස පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් පසුගිය දා අත්අඩංගුවට පත් විය.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් සතුව තිබී මුදල් සහ වෙනත් දේපළ ද සොයා ගන්නා ලදි.

නමුත් මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙණ පොලිස් පරීක්ෂකවරයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

Related posts

සැකකරු පොලිස් ජිප් රථයෙන් පලා යයි – පීසිගේ වැඩ තහනම්

Admin

තවත් කොවිඩ් ප්‍රභේදයක් කැලිෆෝනියාවෙන් වාර්තාවෙයි

colombotoday

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

Admin

සජිත්ගේ ජන හමුවකදී කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

ආප්පයා කියන්නේ කාටද? ඒක වැරදි වචනයක්ද.. දරුවෙකු හැගීම් පලකරාට වරදක් නෑ – විමල් වීරවංශ

colombotoday

උතුරේ මහවිරු සමරු 244න් 234කම කොටි ලාංඡන තිබුණේ නෑ

Admin