Colombo Today Local News

පොම්පියෝට එන්න නොදුන්නොත් කියාවි ලංකාවට ඉන්නෙ ස්වාසිලංතය විරයි කියලා

‘මයික් පොම්පියෝට විතරක් නෙවෙයි ඕනෑම රටක රාජ්‍ය නායකයකුට මේ රටට එන්න පුළුවන්. ආවේ නැත්නම් කියයි මේ ආණ්ඩුවට ඉන්නේ ස්වාසිලංතය විතරයි කියලා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකල මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලංකාවට පැමිණෙන්නේ යම් කිසි ඩීල් එකක් සදහා දැයි මාධ්‍යවේදියකු කල විමසීමකදීය.

“ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පමණක් නොව ඕනෑම රටක රාජ්‍ය නායකයෙකුට මෙරටට පැමිණිය හැකි බවත් රටක් වශයෙන් ඇමරිකාවට චීනයට සිංගප්පූරුවට ඉංදියාවට වගේම මේ ලෝකයේ ඇති පිළිගත් ඕනෑම රටකට මේ රටට එන්න පුළුවන්. ඒක තමයි රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම. ඕනම කෙනකුට මේ රටට එන්න පුළුවන්. අපි කාටවත් දොරවල් වහලා නෑ. ඕනම නායකයෙකුට එන්න පුළුවන්. එන්නෙ නැතුව හිටියොත් කියයි අපිට තියෙන්නේ ස්වාසිලංතය විතරයි කියලා.

අපි අලූත් ව්‍යවස්ථාවක් ගේනවා. අන්න ඒ නිසා තමයි මේ රටේ ජනතාව අපිට ඡන්දෙ දුන්නෙ. 19 වන ව්‍යවස්ථාව නිසා රට අස්ථාවර වුණා. පක්ෂයක් නැත්තටම නැති වුණා. එක්සත් ජාතික පක්ෂ නායකයාට ගෙදර යන්න වුණා. අවුරුදු හතරහමාරකින් ආණ්ඩුව වැටුනා. ඉතින් මේ බහුභූත ව්‍යවස්ථාව වෙනස් කරන්න තමයි රටේ ජනතාව අපිට ඡන්දේ දුන්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕන කෙනෙකුට විරෝධතාව ප්‍රකාශ කරන්න පුළුවන්. අපි ආණ්ඩුවක් ලෙස ඕනම කෙනෙකුගේ අදහස් හා යෝජනා වලට ඇහුම්කම් දෙනවා. ඉදිරිපත් කරන යෝජනාවල හොද දේවල් ක්‍රියාත්මක කරන්න පසුබට වන්නේ නැහැ.

සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා නම් මෙම 20වන ව්‍යවස්ථාවෙන් ඒකාධිපතිත්වයට යනවා කියලා. එතුමාගේ තාත්තාත් හිටියේ මේ තනතුරේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය හිටියේ මේ තනතුරේ. එක්සත් ජාතික පක්ෂය සහ අටවගත්ත සන්ධාන වලට බලයට එන්න බැරි නිසා මේ ව්‍යවස්ථාවට ගහලා හරියන්නේ නැහැ.

මේ ආණ්ඩුව කොරෝනා පාලනය කල විදිහ ෆේල් නැහැ. ආණ්ඩුව ෆේල් නෑ. ආණ්ඩුව ඉතාමත් දක්ෂ ලෙස කොවිඩ් පාලනය කරගෙන යනවා. විපක්ෂය තමයි ෆේල්. විපක්ෂයට ඕනේ දැන් පාර්ලිමේන්තුව වහන්න. එදත් ඔවුන් බලාපොරොත්තු වුනේ ඒකයි. ඡන්ද තියන්නේ නැතුව රට වහන්න කියලා. පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ නැතුව 2/3 බලය ලබා ගන්න එක වලක්වන්න තමයි ඔවුන් හැදුවේ. ඔවුන්ගේ බංකොලොත් දේශපාලනය න්‍යායන්ට අපි අහු වෙන්නේ නෑ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

Related posts

රතන හිමිගේ ප්‍රකාශය ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීමේදී දැඩි විවේචනයට

colombotoday

ආණ්ඩුවට එරහි විශ්වාසභංගයට සහය දීමට මහින්ද තීරණය කරයි.

colombotoday

කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මෝදර දී අල්ලයි

colombotoday

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – වෙල්ගම [Video]

colombotoday

ඥාණසාර හිමි ඉන්නා තැන ගැන හිටපු ඇමතිගෙන් පොලීසියට ඔත්තුවක් !

colombotoday

මහින්ද අගමැති ලෙස පිලිගනිමින් කතානායකගෙන් නිවේදනයක්…

colombotoday