Colombo Today Local News

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් ප්‍රකාශ කළා.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දැන් පැවැත්වෙන විශේෂ උත්සවයේදී ඔහු ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන බව එම එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනය කර සිටියා.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ පසුගිය පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍ය ධූර කීපයක කටයුතු කළා.

තිස්අටවැනි වියේ පසුවන නාමල් රාජපක්ෂ මහතා 2010 මහ මැතිවරණයේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙක් වන නාමල් රාජපක්ෂ මහතා දක්ෂ රග්බි ක්‍රීඩකයෙකි. ඔහු ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වය ද දැරිය.

Related posts

විමල්ගේ සුව දුක් බලන්න ඥාණසාර හිමි බන්ධාගාරයට… විමල් රෝහලට !

colombotoday

බලන්ගොඩ මුලික රෝහලේ හෙද නිලධාරිනියට පහර දුන් සුළු සේවකයා අත්අඩංගුවට

colombotoday

දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු යෝජනාව අද කැබිනට්ටුවට

colombotoday

මාලිගාවත්තේ මනුෂ්‍ය ඝාතනයකට සැකපිට 6ක් අත්අඩංගුවේ

Admin

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday