ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත් කර තිබේ.
ඒ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අනිවාර්ය නිවාඩු යවමින් ය.
පොලිස්පතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දින කිහිපයකට පෙරදි දැනුම් දී තිබුණද මේ වන තෙක් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර නොතිබිණි.