Colombo Today Local News

පූජිත් ජයසුන්දර විශ්‍රාම යාමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර

පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර විශ්‍රාම යාමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉංදිකා දේමුණී ද සිල්වා අද (10)දින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහු විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව විශ්‍රාම යාමට අදාළ ලේඛන සති දෙකක් ඇතුළත ගොනු කිරීමට අවසර ලබා දෙන ලදි.

ඒ අනුව මෙම පෙත්සම ජනවාරි මස 27 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවසර ලබා දුන්නා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට වැඩබලන පොලිස්පතිවරයා, ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ඇතුළු එහි සාමජිකයන්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

Related posts

මුන්දලමේ බඹරු ඇන 18 ක් රෝහලේ

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේදී දිවයිනට

colombotoday

හබරාදුව ග්‍රාමසේවකවරයෙක් උපකාරක පන්තියට ආ සිසුවා අපයෝජනය කරලා

colombotoday

පානුත් හෙට අනිද්දාම ගණන් උස්සයිලු !

colombotoday

කාබනික වගාව වසර 5ක් කරනවා. කුඹුරු අක්කරයක් වවන්න යන්නේ රු. 14400 යි. | ක්ෂේත්‍ර නිළධාරීණී කේ.සී.එම්.අනූෂා සංජීවනී

colombotoday

ගෝඨාභයට බය වුනත්, දැන් සජිත්ට මුහුණ දෙන්නම වෙනවා

colombotoday