Colombo Today Local News

පිදුරංගලට නැග ඇදිවත ගලවා පෙන්වූ තිදෙනෙක් අත්අඩංගුවට… වැඩේ මුලින්ම කර ඇත්තේ සුද්දියක්…

පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල පර්වතෙයේ සිට සීගිරිය දෙසට හැරී නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

19 හැවිරිදි වියේ පසුවන ඔවුන් තිදෙනාම ගලේවෙල ප්‍රදේශයේ තරුණයින් වන අතර එම ඡායාරූපයට පෙනී සිටි සහ ඡායාරූප ලබාගත් තරුණයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මුලින්ම මෙලෙස නිරුවත් ඡායාරූප ගෙන ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ විදේශික කාන්තාවක් ඇතුළු පිරිසක් බවයි පැවසෙන්නේ.

ඒ අතර කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍යයකුද සිටින බවත් හෙළිවූ බවද පොලිසිය සඳහන් කරයි.

මේ අතර අසභ්‍ය ලෙස හැසිරුණු බවට හඳුනාගෙන ඇති එක් පුද්ගලයකු තම මුහුණු පොත ඔස්සේ පණිවිඩයක් තබමින් මෙම සිද්ධිය නොදැනුවත්කම මත සිදු වූවක් බවත් සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධයෙකුගෙන්ම සමාව ඉල්ලා සිටින බවත් තමා අතින් සිදුවූයේ නොවිය යුත්තක් බවත් සඳහන් කර ඇත.

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප සංසරණය වීමත් සමග ලාංකික තරුණ තරුණියන් රැසක්ද මෙම ස්ථානයට ගොස් ඉතා අශෝභන ලෙස හැසිරෙමින් සහ නිරුවතින් ඡායාරූප ගෙන ඓතිහාසික සීගිරිය බලකොටුව සහ පිදුරංගල පර්වතයට අපහාස වන අන්දමින් එම ඡායාරූප මුහුණු පොතේ පළ කර ඇති බවද හෙළිවී ඇත.

Related posts

“ඒකාබද්ධයේ ඩීල් කාරයෝ සාකච්ඡා කෑවා” – අමරවීර

colombotoday

රන් මිල ලක්ෂ 2කට ළංවෙයි

colombotoday

පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ කාර්යාලය නඩත්තුවට මිලියන 36ක්..

colombotoday

“යමපාලනයේ වැඩ හෙමින්, ගමන උඩින්“ හෙලිකොප්ටර් ගායේ නොකී රහස් ගම්මන්පිල හෙළිකරයි

colombotoday

පොලිස් සැරයන්වරයෙක් දිවි නසා ගනී

colombotoday

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday