Colombo Today Local News

පාසැල් සිසුන් ගැන අවධානයෙන් සිටින්න : මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරවන උපකරණයක් ගැන පොලිසිය දැනුම් දෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කොළඹ, ප්‍රසිද්ධ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා නව උපක්‍රම භාවිත කිරීමට පෙළඹී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය අග්‍රාහණය කළ හැකි “ඉන්හේලර්” උපකරණ පාසල් දරුවන්ට අලෙවි කිරීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පෙළඹී ඇති බව ඒ මහතා පැවසීය.

අද (14)දින පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

පාසල් දරුවන්ගේ දෙමාපියන් පිරිසක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් එහිදී මෙම ඉන්හේලර් උපකරණයක් රුපියල් 15,000ක පමණ මුදලකට අලෙවි කරන බව අනාවරණය වු බවත් ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් පාසල් දරුවන් භාවිත කරන උපකරණ පිළිබඳව දෙමාපියන් විශේෂ අවධානයකින් යුක්තව කටයුතු කළ යුතු බවත් ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Related posts

මෙරට ප්‍රථම කොවිඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපතිට ප්‍රධානය කිරීම හෙට

colombotoday

ඉන්ධන මිල ඉහළ යන්න පුලුවන්

Admin

2016යේ දෙවෙනි බැඳුම්කර වංචාව : රවී ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදා හරි

colombotoday

නිදහස් දිනයට සමගාමීව සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජයෙන් ඉල්ලීමක්

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හකීම් ඇතුළු යහපාලන කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කාදිනල් මෙවර කියයි.

colombotoday

වැටුප් ගන්නෑ කියා අපි කාටවත් පොරොන්දු දීලා නෑ-මාලිමා මන්ත්‍රිනී

Admin