Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව භාරදෙයි

2019 අපේ‍්‍රල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ‍්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පත් කළ විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත භාර දෙන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර පරික්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීමට පසුගිය අපේ‍්‍රල් 22 දා ජනාධිපතිවරයා විසින් මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කරන ලදී.

අදියර දෙකකින් සමන්විත වූ එම පරික්ෂණ කටයුතුවල අතුරු වාර්තා දෙකක් මීට පෙර ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.

Related posts

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Admin

කොටි ප්‍රහාරවලිවන් මිය ගිය ඉන්දීය සාම සාදක හමුදාව යාපනයේදී සමරයි

colombotoday

පානදුරේදී හෙරොයින් ග්‍රෑම් 422ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අල්ලයි

colombotoday

හිඟ විදුලි බිලට වසරක සහනයක්

colombotoday

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday

පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු නිවසක් කොල්ලකති

Admin