Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වලින් ඇත්ත හංගලා… පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි !

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැවසූහ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලැබූ ඇතැම් කොමිසන් සභා මගින් එම ප්‍රහාරයේ සත්‍ය තොරතුරු අනාවරණය වීම යටපත් කළ බවද අගරදගුරුතුමෝ කීහ.

පුංචි බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී අද (18) පැවැති හමුවකදී මේ බව සඳහන් කළහ.

විවිධ කොමිසන් සභා පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලුවද මෙරට ආරක්ෂක අංශ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට කිසිඳු වැඩපිළිවෙළක් දියත් කරන බවක් මෙතෙක් පෙනෙන්නට නැතැයි අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවසූහ.

Related posts

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday

ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට සුදුසු නැහැ | සායනික පරීක්ෂාවෙන් පැණිය ෆේල්

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට

colombotoday

රාජ්‍ය ආයතන නිලධාරින්ගේ වැටුප් වාර දෙකකට

Admin

පිට පිට දින දෙකකදී කළුතර බන්ධනාගාර⁣යට ඉගිල ආ තහනම් පාර්සල්

colombotoday

ඇප නෑ.. මුසම්මිලුත් ජූලි 4 දක්වා වැලිකඩට

colombotoday