Colombo Today Local News

පාස්කු දා ප්‍රහාරය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක්

කුමන ආකාරයේ මතවාදයක සිට  පාස්කුදා ප්‍රහාරයෙන්  මිනිස් ඝාතන සිදු කළද  එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය  වැඩි පිරිසක්  කතෝලික බැතිමතුන් වූවත් එය ඔවුන් පමණක් නොව සමස්ථ ලාංකික ජනතාවම  ඉලක්ක කරගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසරක් පිරීම නිමිත්තෙන් කතෝලික ජනතාවට සහ සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවටම සංවේගය පළ  කරමින්  ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙයි.

යළිත් වතාවක් කුමන විදියේ හෝ අන්තවාදයට ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ.
 
සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි.

Related posts

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday

පොහොය දින වෙඩි තබා බල්ලෙකු මැරූ විශ්‍රාමික ASP අත්අඩංගුවට

colombotoday

මහින්ද ගෙදර යවන්න ඔබාමා මිලියන 454ක් අයවැයෙන්ම වෙන් කරලා.. ට්‍රම්ප් හෙලි කරයි !

colombotoday

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin

මහ ලේකම්ගේ වැඩ නිසා දකුණේ අයට ලැජ්ජාවක් !

colombotoday

මුදල් ඇමති “සර්“ටත් පොලිස්පතිගෙන් ඇමතුමක්.. නාමල් ගැනත් කියයි ! (Video)

colombotoday