Colombo Today Local News

පාස්කු ඝාතකයන්ට සහය දුන් ජවිපෙ ඊබ්‍රහිම් යළි රිමාන්ඩ්…

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා සහ තවත් පුද්ගලයින් හය දෙනෙකු මාස 08 ක රැඳවුම් නියෝගයකින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

පාස්කු ඉරිදා දින දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්‍රස්වාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයෙන් මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා වන අංක 658/87, මහවිල උද්‍යානය, බේස්ලයින් පාර, දෙමටගොඩ පදිංචි මොහොමඞ් ඊබ්‍රහිම්, මොහොමඞ් අහමඩ්, ඇතුලු සැකකරුවන් හය දෙනෙකි.

Related posts

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට

Admin

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday

අගමැති භාර ගත් නව අමාත්‍යාංශයේ ලේකම් ධුරය අනූෂ පැල්පිට ට

colombotoday

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට

colombotoday