Colombo Today Local News

පාසල් පෙළපොත්වලට තමන්ගේ මුණ ඔබා ගත් ඇමති අකිල විරාජ්ට නොතීසි

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ජනාධිපති පරික්‍ෂණ කොමිසම් සභාව විසින් එම සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිය ඡායාරූපය ඇතුලත් කිරීමෙන් රජයට සිදුවු බව කියන අලාභයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි.

ඒ සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළ පැමිණිල්ල ජනාධිපති පරික්‍ෂණ කොමිසම් සභාව හමුවේ පෙරේදා දිනයේ විභාගයට ගැනුණා.

එහිදී ඒ පිළිබඳ සාක්‍ෂිදීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අධ්‍යාපන ප්‍රකාශක කොමසාරිස් ජෙනරාල්, වත්මන් අධ්‍යාපන සැපයීම් අධ්‍යක්‍ෂ, අයි.එම්.කේ.බී.ඉලංගසිංහ මහතා කැඳවීමටයි කටයුතු කර තිබුණේ.

එහිදී සාක්‍ෂි ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ පෙළපොත් මුද්‍රණයේ දී තම රුව ඇතුලත් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයා තමාට පෞද්ගලිකව දැනුම් දුන් බවයි.

එම ඡායාරූපය වර්ණ ඡායාරූපයක් ලෙසින් අත්සන ද සහිතව මුද්‍රණය කරන ලෙසට අමාත්‍යවරයා දැනුම් දුන් බවයි ඔහු අවධාරණය කර තිබුණේ.

පෙළපොත්වලට අමතරව ගුරු අත්පොත්වලට ද එම ඡායාරූපය යොදන ලෙසට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දුන් බවද ඉලංගසිංහ මහතා එහිදි සඳහන් කළා.

ඒ අනුව එම ඡායා රූපය මුද්‍රණය කිරීම මගින් අතිරේකව රුපියල් 04ක වැය බරක්  දැරීමට සිදුවු බව ද එම කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින් ඔහු පෙන්වා දී තිබුණා.

 හිටපු කොමසාරිස් ජෙනරාල්වරයා එහිදී සඳහන් කළේ අමාත්‍යවරයාගේ නියෝග නොතකා වර්ණ ඡායාරූප වෙනුවට කළු සුදු ඡායාරූප යොදා සැලකිය යුතු මුදලක් රජයට ඉතිරි කර දුන් බවයි.

හිටපු කොමසාරිස්වරයා ලබා දුන් එම ප්‍රකාශ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ලබන මස 01 වැනිදා පෙරවරු 9.30ට ජනාධිපති පරික්‍ෂණ කොමිසම් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට නොතීසි නිකුත් කර ඇත්තේ. 

Related posts

වෘත්තිය සමිති රැසක රජයේ විධායක නිලධාරීන් සංඛේත වර්ජනයක්

colombotoday

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

colombotoday

මිනිස්සු ගොනාට අන්දන චීවරධාරියා පොහොරවලට දෙන උපදෙස්වලට රැවටෙන්න එපා. – දඹගොල්ලේ සෝමානන්ද හිමි ජනපතිට කියයි.

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

දුම් සහතික ආදායමෙන් රු4500ක් ‘අක්බාර්ට සහ ලාෆ්ට’.. ආණ්ඩුවට 10% පමණයි.. කොමිස් කුට්ටිය කා අතටද?

colombotoday

විපක්ෂ නායක දූරය ලබාගැනීමට අනුර කුමාර දිසානායක දැඩි සටනක

colombotoday