Colombo Today Local News

පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි. නොවැම්බර් 23 තෙක් කල්තැබෙයි.

පාර්ලිමේන්තුවේ කටයුතු අද දිනයේදීත් විනාඩි පහකට සීමා විය. මෙහිදී තේරීම්කාරක සභාවේ බහුතර ආණ්ඩුවට අවශ්‍ය බවට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා විරෝධය පළකරමින් සඳහන් කළේ බහුතරයක් නොමැති අයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබා ගත නොහැකි බවයි.

පාර්ලිමේන්තු කටයුතු යළිත් නොවැම්බර් 23 දා පෙ.ව. 10.30 තෙක් කල්තැබීමට නියොජ්‍ය කථානායකවරයා තීන්දු කළේය. පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙසේ පාර්ලිමේන්තු කටයුතු කල් තැබීමට තීරණය කළේය.

Related posts

නව පොලිස් ස්ථාන 190ක්

colombotoday

ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ

colombotoday

තව්හිද් ජමාත් දෙවන වටයේ ප්‍රහාරයට සූදානම්… ඉන්දියාව අනතුරු අගවයි…

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වෙයි

colombotoday

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin

නොරොච්චෝලයේ අලුත්වැඩියාවට චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට

colombotoday