Colombo Today Local News

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 කැඳවීමට ජනපති තීරණය කරයි…

ජනාධිපතිවරයා විසින් කල් තැබූ පාර්ලි‍මේන්තු සැසිවාරය නොවැම්බර් 05 වනදා යළි කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමෙන් පසුව ඔවුන් අතර ඇතිවූ බල අරගලය හේතුවෙන් මෙසේ පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබිණි.

කෙසේ නමුත් මීට පෙර සඳහන් කර තිබුනේ පාර්ලිමේන්තුව නොවැම්බර් 16වනදා කැඳවන බවය. එහෙත් කතානායක කරූ ජයසූරිය මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (31) පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙලෙස ලබන 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය වී තිබේ.

Related posts

විජයකලා ඉල්ලා අස්වෙයි…

colombotoday

1997 ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි !

colombotoday

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday

ගුවන් යානය රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකාවට රුසියාවේ අප්‍රසාදය

colombotoday

ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයි

colombotoday

නිදොස් කොට නිදහස් වූ පිල්ලෙයාන් මැලේසියාවට පලා යයි

colombotoday