Colombo Today Local News

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව යුද හමුදාව යටතට

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා සිටි පොලිසියේ අසූ දෙනකු සහ විශේෂ කාර්ය බළකායේ අසූ දෙනකු ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව අනුයුක්ත කර ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ඊයේ (26 වැනිදා) පුවත්පතකට පවසා ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කොවිඩ්-19 මර්දන රාජකාරි සඳහා අනුයුක්ත කිරීම හේතුවෙන් බව ද ඔහු පවසයි. පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා ඇති පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කොවිඩ් මර්දන රාජකාරී කටයුතු සඳහා මුදා හරින ලෙස හා ඒ වෙනුවට හමුදාව යෙදවිය හැකි බවට පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධව සාකච්ඡා කර ඇති වේත්‍රධාරී දෙපාර්තමේන්තුව එම ඉල්ලීමට ඉඩ දී ඇත. කෙසේ වෙතත් යුද හමුදාව විසින් ආරක්ෂක කටයුතු සිදු කරන්නේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ පාලනයට යටත්ව බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

Related posts

බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

colombotoday

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

Admin

විධායක ජනපති සතු බලතල සිමා නොකළ යුතුයි – තොණ්ඩමන්

colombotoday

ජනපති පොළොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරයි.

colombotoday

“මව් බිමට අලුත් උදෑසනක්” – උදේ පාන්දරම මහින්දගෙන් පණිවිඩයක්

colombotoday

රෙද්දේ බද්දත් ඉහළට… සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්…

colombotoday