Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත‍්‍රීලාට බදු සහන වාහන බලපත‍්‍.. නව මන්ත්‍රීවරුන් 79කට මුලින්ම

පාර්ලිමේන්තුව තේරී පත්වූ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සදහා වන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව අලුතෙන් පාර්ලිමේන්තුවට මෙවර පත්වූ මන්ත්‍රීවරුන් 79 දෙනෙකුට වාහන බලපත්‍ර මුලින්ම ලබා දීමට සූදානම් වෙමින් ඇත.

සෙසු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ඉන් අනතුරුව නිකුත් කිරීමට නියමිතව තිබේ.

ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ වැටුප් වාර්තා හා අනෙකුත් තොරතුරු මේ දිනවල එක්රැස් කරමින් සිටී. මෙම වාහන බලපත්‍රය වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවා යයි.

දැනට ලංකාවට වාහන ගෙන්වීම අත්හිටුවා ඇති නිසා මෙරට ඇති වාහනවලින් වාහන මිලට ගැනීමට හෝ ආනයන තහනම ඉවත් කළ පසු අළුත් වාහන ගැනීමට අවස්ථාව එමගින් මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමිවෙයි.

මේ සඳහා කැබිනට් පත්‍රිකාව නොලැබීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

තිහාරියේ මුස්ලිම්වරුත් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරති.

colombotoday

හෙට දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක්

colombotoday

නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා වෙයි

colombotoday

අමාත්‍යංශ හතරක ලේකම්වරු දොට්ට

colombotoday

අසාත්මිකතාවක් ඇති වූ පාසල් සිසුවිය ඇඳ වැටි මිය යයි

Admin