Colombo Today Local News

ප්‍රභල පක්ෂ කිහිපයක සාමාජිකයින් 250 ක් පොහොට්ටුවට එක්වෙයි

වන්නි මැතිවරණ බලප්‍රදේශය වෙනුවෙන් පසුගිය මැතිවරණයන් වලදී ප්‍රභල පක්ෂ කිහිපයක් වෙනුවෙන් සහය දැක්වූ ප්‍රභල සාමාජිකයින් 250 ක් පමණ දෙනා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමග ඉදිරි මහමැතිවරණයේදී කටයුතු කිරීම සඳහා පක්ෂ සාමාජිකත්ව වව්නියාවේදී ලබාගත්හ.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතක සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් ස්වාධීන පක්ෂ කිහිපයක ප්‍රභල සාමාජිකයින් මෙන්ම සහය ලබා දුන් 250 ක පමණ වූ පිරිසක් වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමගින් එක්වීම සිදුවිය.

මෙවර මහමැතිවරණය වෙනුවෙන් වන්නි දිස්ත්‍රීක්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරඟ වදින ජනක නන්දකුමාර මහතා සමගින් එක්ව කටයුතු කිරීම සඳහා මෙම පිරිස් එක්වූහ.

වන්නි ජනතාවගේ ගැටලු ‍වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රීලංකා පොදුජන පෙරමුන සමග එක්වීමට තීරණය ගත් බවට එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් පිරිස් වැඩි දුරටත් පවසයි.

Related posts

රවීට නඩු වැටෙයි ?

colombotoday

තිළිණි ප්‍රියමාලි කුලී නිවසේ ලයිට් බිලටත් පොලු තියලා

Admin

අයිතිවාසිකම් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයෙන් දිගටම අරගල

colombotoday

(LIVE) මහින්ද එන “ජන සටන” විරෝධතා රැලිය සජීවීව බලන්න

colombotoday

දෙමලෙන් ජාතික ගීය ඇහෙන වාරයක් පාසා අපේ ඡන්ද පනස් දාහක් විතර කැඩුනා – තිලක් මාරපන

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශය පනතට එරෙහිව පෙත්සම් හයක්

colombotoday