Colombo Today Local News

පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය ?

පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවෙනු ඇතැයි ආණ්ඩු පක්ෂ හා විපක්ෂ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.ජනාධිපතිවරයා විසින් පළාත් සභා මැතිවරණය මාර්තු 31දාට පළමුව පැවැත්විය යුතු බවට දැනුම් දී ඇතත් එම මැතිවරණය පවත්වන්නේ පැරණි හෝ නව ක්‍රමයටද යන්න පිළිබඳව දේශපාලන පක්ෂ අතර තවමත් එකඟතාවක් ඇතිව නොමැත.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එය වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතුය. නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තවමත් සූදානම්ව නැත.

විපක්ෂයට බහුතරයක් නොමැති නිසා ඔවුන් එම යෝජනාව ඉදිරිපත් නොකරුණු ඇති අතර ආණ්ඩුපක්ෂය පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අකමැති නිසා ඔවුන් විසින් එවැනි යෝජනාවක් ගෙන එනු ඇතැයි සිතිය නොහැකි බවද දේශපාලන විශ්‍ලේෂකයෝ පෙන්වා දෙති.

පානුක රාජපක්ෂ

Related posts

“විග්නේෂ්වරන් ජාතිවාදී සුනඛයෙක්… වහාම බැද දමනු“ – දයාසිරි ජයසේකර

colombotoday

‍රනිල්ගෙන් හම්බකරගත්තු මිනිස්සු දැන් අනුර ලග

Admin

අනුරාධපුර බන්ධනාගාරයේදී වෙඩි කෑ තවත් රැඳවියෙක් මරුට

colombotoday

ඡන්දෙන් පස්සේ පක්ෂයේ තනතුරුවලින් ඉවත් වෙනවා- මෛත්‍රිපාල

colombotoday

මහේෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකට

Admin

අද සිට ලැබෙන බදු සහන මෙන්න

colombotoday