Colombo Today Local News

නීති විරෝධීව මෙරටට ගෙන්වූ කහ අඩංගු බහලුම් 40කට අධික ප්‍රමාණයක් පිළිබදව විමර්ශන

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද කහ අඩංගු බහලුම් 40කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

එහි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කර ඇත්තේ විමර්ශනයේ දී එම බහලුම් නීති විරෝධී ලෙස ගෙන්වා ඇති බවට අනාවරණය වුවහොත් ඒවා රාජසන්තක කිරීමට පියවර ගන්නා බවය.

අප්‍රේල් 16 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව සීමා කළේය.

එහිදී කහ ආනයනය ද සීමා කිරීමකට ලක් කළේය.

Related posts

ගබ්සාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ !

colombotoday

බහරේන් හි රැඳී සිටි ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

colombotoday

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනි දා ජනපතිට

colombotoday

යාපනයේ ලැඟුම්හලක් තුළ පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටයි

colombotoday

බණ්ඩරත්තවේල්ලේ දී අවිඅයුධ තොගයක් වටලයි

Admin

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin