Colombo Today Local News

නිවසක් තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමග පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් අත්අඩංගුවට

කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේ නිවසක් තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමගින් පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් ඇතුලු උපකරණ සමගින් කාන්තාවක් ඊයේ (05)දින රාත්‍රියේ ත්‍රස්ත විමර්ශන නිලධාරීන් හා පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කාන්තාව සිටි නිවසේ මීට පෙර දිනකදී දේශීය බෝම්බයක් සෑදීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් ඇයගේ ස්වාමිපුරුෂයා බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර ඒ පිළිබඳව වැඩි දුර පරික්ෂා කිරීමේදී නිවසේ සඟවා තිබූ අදාල බෝම්බ හා පුපුරණද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.

එහිදී නිවසේ තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3ක්, පුපුරණද්‍රව්‍ය තොගයක්, කලුකොටි දිනය සමරමු යනුවෙන් කොඩියක්, කලුකොටි සාමාජිකයෙකුගේ ඡායාරූපයක් ආදි වශයෙන් සොයාගෙන ඇත.

අනතුරුව නිවසේ සිටි 43 හැවිරිදි කාන්තාවද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් වශයෙන්ද සේවය කරන බවට තොරතුරු අනාවරණය කොට ගෙන ඇත.

කෙසේ වෙතත් බෝම්බ පිපිරුමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටින සාමාජිකයා හිටපු කොටි සාමාජිකයෙකු බවටද තොරතුරු ලැබී ඇති අතර අදාල බෝමබ නිශ්පාදනය කිරීමට හේතුව සෙවීම සඳහා ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් මේ වන විටත් පරික්ෂණයක් අරඹා තිබේ.

සොයාගත් බෝම්බම හා පුපුරණද්‍රව්‍ය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රී කිරීම සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහයද ලබාගන්නා බවට පලෙයි පොලීසිය වැඩි දුරටත් පවසයි.

Related posts

එජාපයේ පළුවක් ගලවගෙන රවී මහින්දගේ ආණ්ඩුවට ?

colombotoday

20 සම්මත කරන්න ඡන්දේ දෙන අයටත් ඇමතිධුර ?

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමට අවසර

colombotoday

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

වැඩ තහනමට ලක්ව සිටි DIG නාලක ද සිල්වා යළි සේවයේ පිහිටුවයි..

Admin