Colombo Today Local News

නිරෝධායනය නොවී සිටි තිදෙනෙක්ට ගම්මුන් පහර දෙයි – අසාධ්‍ය තත්වයෙන් රෝහලට

කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතුව සිට ඇල්ල , නමුණුකුල  පිංආරාව ප්‍රදේශයේ නිවෙස්වලට පැමිණ නිරෝධායනය නොවී සිටි පුද්ගලයින් තිදෙනෙකු ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා හමුවීම සඳහා නහවිල ප‍්‍රදේශයට අද (03) පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් විසින් මොවුන් තිදෙනාට පහරදී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.

පහරකෑමට ලක්වූ මොවුන් තිදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඇල්ල නමුණුකුල පිංඅරාව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 කාන්තාවක්   සහ  වයස අවුරුදු 45 සහ 55 ක් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත.

මෙම පුද්ගලයින් තිදෙනාම ඉකුත් මාර්තු මස 15 වන දින කොළඹ ප‍්‍රදේශයේ සිට ඇල්ල නමුණුකුල පිංආරාව ප‍්‍රදේශයට පැමිණ තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමති බවත් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් ඇල්ල පොලිසිය පැවසීය.

Related posts

ඇමති චම්පික ජනාධිපති වෙන්න බලාගෙන, කේ.පී.ගේ මස්සිනාට කොන්ත‍්‍රාත් දීලා – පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල හෙලිදරවුවක්..

colombotoday

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday

ආවා කල්ලිය මෙහෙයවන්නේ කොටි ඩයස් පොරාවයි?

colombotoday

රජයට උපදෙස් දීම සදහා විශේෂ සර්වාගමික උපදේශක කමිටුවක් !

colombotoday

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළට

Admin

ජන්ද කොට්ඨාස 19 ඡන්ද දැන්වීම් පත්‍රිකාව වෙනස්

Admin