Colombo Today Local News

නාවික හමුදාපති අද්මිරාල් ධුරයට

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ උසස්වීම් සිදුකර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

අද (14)දින සිට ක්‍රියාත්මක වන පරිදි පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් පියල් ද සිල්වා මහතා වසර 36ක සේවා කාලයක් නිමකරමින් හෙට දිනයේ සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

ඒ අනුව අද දිනයේ දී නාවික හමුදාපතිවරයා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීම සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් මුණගැසීමට නියමිතව තිබේ.

මීට අමතරව අද දිනයේ දී නාවික හමුදාපතිවරයා, යුධ හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.

අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (13) දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා මුණගැසුණි.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් ලබා දෙයි

Admin

මුලතිව් අතහරී.. කදවුර ඉවත්කරගෙන ඉඩම් බෙදාදෙයි !

colombotoday

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

colombotoday

පිල්ලයාන් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරයි

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න නෙල්ලිගල හිමියන් ජනපති කොමිසමට

colombotoday