Colombo Today Local News

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා සිය ධුරයේ වැඩ භාරගනී

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.

මෙරට 55 වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස පත්වූ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා ඊයේ යුද හමුදා මූලස්ථානයේ දී සිය ධුරයේ වැඩ භාරගත් බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා විශ්‍රාම ගැනීමත් සමඟ එම ධුරය පුරප්පාඩු වී පැවතුණි.

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා මීට පෙර යුද හමුදා ස්වෙච්ඡා බලකාය භාර අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කළේය.

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර පළමු නිල හමුව ද ඊයේ දිනයේ පැවති බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ.

Related posts

අයි.එම්.එෆ් ගිවිසුම කඩන්න බෑ

Admin

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

colombotoday

අයවැය දෙවන කියවීමේ ඡන්ද විමසීම අද

colombotoday

ඤාණසාර හිමි සිරගත කිරීම පිටුපස රටේ ප්‍රධාන පක්ෂයක නායකයෙක් සහ ඇමතිලා දෙදෙනෙක්

colombotoday

තවත් අමාත්‍යංශයකට අලුත් ලේකම්වරියක්

colombotoday

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday