Colombo Today Local NewsCovid 19

නව කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මකයි

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මක බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

මෙම පොකුර තවදුරටත් ඉහළ ගියොත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම මත බරපතළ අසීරුතා ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි.

මෙම කොරෝනා පොකුර පාලනය කිරීම සඳහා නම් අදාළ ආසාදිතයන්ගේ සියලු ආශ්‍රිතයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Related posts

කෝටියක මාසික කුලියට ෆොන්සේකා ගොඩනැගිල්ලක් ගනී.. කැබිනට් අනුමැතියත් ලැබෙයි.. කෝටි 24ක අත්තිකාරමක් හිමිකරුට ගෙවන්නත් අවසර දෙයි

colombotoday

සරසවි සිසුවියකගේ මළසිරුරක් බෝඩින් කාමරයක

Admin

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල අහස උසට නගී

Admin

කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ ගින්නකින් අක්කර සියයකට වඩා හානී

colombotoday

හිරු සලකුණේදී විමල් හඩා වැටෙයි… දණින් වැටී ඉල්ලීමක් කරයි (Video)

colombotoday

නාමල් ඇතුළු හයකට නඩු…

colombotoday