Colombo Today Local News

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක් ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (19)දීන පස්වරුවේ පැවැත් වු අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියේය.

ඉදිරි පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී බැවින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා අනවශ්‍ය බව ඒ මහතා පැවසීය.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

පසුවරු 02.00ට පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීකණ්ඩායම් රැස්වීම පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පත් කර ගැනිමට ද නියමිත බව තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

Related posts

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතු යැයි යෝජනාවක්

colombotoday

ඩොලරයේ අගය මත උත්සව සමයේ භාණ්ඩ මිල තීරණය වෙයි. – අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්

colombotoday

හංවැල්ලේදී පුද්ගලයෙකුට පහර දී මරා දාලා

Admin

මෝඩ තකතීරු මුස්ලිම් අන්තවාදීන් භූමිදානය ඉල්ලනවා. | විමල්ගෙන් දරුණු ප්‍රහාරයක්

colombotoday

බදුල්ලේදී බස් රථයක් කරනම් ගසයි – රියැදුරු මරුට – දහයක් රෝහලේ

colombotoday

පි.බි.ජයසුන්දරගෙන් උපදෙස් ගැනීම ජනපතිගේ විනාශයට මුලක්

colombotoday