පිළිකාවකින් මිය ගිය හිටපු කොටි නායිකා තමිලිනී වෙනුවෙන් විනාඩියක කාලයක් යාඥා කරනා ලෙස උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍ය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ඩෙනීෂ්වරන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා. මොලොවින් සමුගෙන දෙවියන් වහන්සේ වෙත ගිය තමිලිනීගේ ආත්මයට ශාන්තිය පතා යාඥා කරන ලෙස ඉල්ලා සිටින ඔහු ඇයගේ මෘත දේහය ඥාතීන් වෙත කඩිනමින් භාර දීමට උපකාර කල මහරගම පිළිකා රෝහලේ කාර්ය මණ්ඩලයට ද ස්තූති කර තිබෙනවා.
ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ද පරන්තන් හී නිවසට ගොස් මියගිය කොටි කතට අවසන් ගෞරව දැක්වූ අතර ලෝකය පුරා ඩයස්පොරා සංවිධාන රාශියකින් ඇය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් නිවේදන නිකුත් කර ඇත.