Colombo Today Local News

දෙමළ සන්ධානය තීරණය අගමැතිට දැනුම් දෙයි.. සහයදීමටනම් කොන්දේසි දමයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ජන්දය ලබාදීමට ද්‍රවිඩ සන්ධානය තීරණය කර ඇත.

ඊයේ (03) සවස පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය දැනුම්දී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, මංගල සමරවීර යන අමාත්‍යවරුන් සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් සමග ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අදාළ සාකච්ඡාවට සහභාගී වී තිබේ.

කෙසේ වුවත් TNA පාර්ශවය සඳහන් කර සිටින්නේ අදාළ සහය දැක්වීම කොන්දේසි සහිතව ලබාදුන්නක් වන බවය. එම කොන්දේසි පිළිබඳ තම පාර්ශවය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය කණ්ඩායමට දැනුම්දුන් බවත් ඊට ඔවුන් එකඟතාව පළකිරීම මත තම සහය අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදෙන බව ඔවුන් අවදාරණය කර සිටියි.

එහිදී ඇතිකරගත් එකඟතා මොනවාද යන්න හෙට පැවැත්වෙන විශ්වාසභංග විවාදයේදී හෙළිකරන බවද ඔවුන් සඳහන් කරයි.

 

Related posts

හිටපු ඇමති කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

ඉන්දු – ලංකා ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්

colombotoday

මිනුවන්ගොඩ පොලිස් ආපන ශාලවේ සිවිල් සේවකයෙකුට කොරෝනා

colombotoday

කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

මේ අගාධයෙන් රට බේරාගන්න තිබෙන එකම මාර්ගය මහා මැතිවරණයි – පැවිදි හඩ

colombotoday