Colombo Today Local News

දෙමළ සන්ධානයට කනේ පහරක්… හමුදා කදවුර ඉවත් කරනවාට එරෙහිව තිරුක්කෝවිල් වැසියෝ උද්ඝෝෂණයේ..

තිරුක්කෝවිල් ප‍්‍රදේශයේ පිහිටා ඇති හමුදා කඳවුර එයින් ඉවත් නොකරන ලෙස ඉල්ලා ප‍්‍රදේශවාසීන් පෙරේදා (25 දා) විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාව තිරුක්කෝවිල් හමුදා කඳවුර ඉදිරිපිට පැවති අතර විශාල පිරිසක් මෙයට සහභාගි වී සිටියහ.

මෙම හමුදා කඳවුර ඉවත් කිරීමෙන් මත්ද්‍රව්‍ය උවදුර වැඩි වීමටත් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගෙන් තර්ජන ඇති වීමටත් ඉඩ ඇති බව උද්ඝෝෂකයෝ කියා සිටියහ. එමෙන්ම හදිසි ආපදා තත්ත්වයන්හිදී හමුදාව විසින් ප්‍රදේශයේ ජනතාව මුදාගෙන ඇති බවත් හමුදාව ප්‍රදේශයෙන් ඉවත් කළහොත් තමන්ට ආරක්‌ෂාවක්‌ නොමැති බවත් දන්වා කෝමාරි 242 බලඇණියේ බ්‍රිගේඩියර් එච්. ජී. ඩී. රණසිංහ මහතා වෙත විරෝධතාකරුවන් විසින් සංදේශයක්‌ ද භාරදී ඇත.

මෙම හමුදා කඳවුර ඉවත් කර එහි ක්‍රීඩා පිට්‌ටනියක්‌ ඉදිකිරීමට දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කෝඩීස්‌වරන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර තිබිණි. ඒ අනුව ඊයේ (26 වැනිදා) එම කඳවුර ඉවත් කිරීමට කටයුතු යොදා තිබිණි. මෙවන් තත්ත්වයක ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් එහි පැමිණි තිරුක්‌කෝවිල් පොලිසිය ඔවුන්ගෙන් මෙම කඳවුර ඉවත් නොකරන ලෙස පවසන ලිපියක්‌ ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියහ.

(දිවයින)

Related posts

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට පියවර

colombotoday

අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න අමාරුයි

Admin

අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ අනතුරක් ගැන බොදු බලේ ජනපතිට ලියයි.

colombotoday

පාසලක තාප්පයක් සිසුවෙක් උඩට කඩා වැටෙයි

Admin

ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කයි..!

colombotoday