Colombo Today Local News

දෙමළ ජනතා අයිතීන් දියවු.. ආණ්ඩුවට විරුද්දව උතුරේ හර්තාලයක්

උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් අද (28)දින උදෑසන සිට උතුරු පලාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය ඇතුලු දෙමළ පක්ෂ කිහිපයක් විසින් අද දිනයේදී ක්‍රියාත්මක කරනු ලබන හර්තාලයට සහය ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීමකට අනුව අද දිනයේ උතුරේ වෙළඳ සංගම්, පෞද්ගලික බස් සංගම් විසින් සහය ලබා දීමත් සමග වෙළඳසැල් හා බස් ගමනාගමනය නැවතී ඇත.

පසුගියදා හිටපු කොටි නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තාගේ ගුණ සැමරුම සැමරීමට නොදී අධිකරණ තහනම් නියෝගයක් ගැනීමත් සමග උතුරේ ස්ථාන කිහිපයකින් දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධානයන්හි විරෝධතාවන් සංවිධානය කොට තිබුණි.

මිය ගිය වැසියන් සිහිකිරීමට ඔනෑම අයෙකුට අයිතියක් ඇති බවටත් වත්මන් බලධාරීන් විසින් දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංගනය කරමින් දෙමළ ජනතාව පීඩාවට පත් කිරීමේ උත්සහයක නිරත වන බව පවසමින් අද දිනයේ හර්තාලයක් ක්‍රියාත්මක කොට තිබුණි.

යාපනය දිස්ත්‍රීක්කයේ ආපනශාලා සහ ඖෂධහල් පමණක් විවෘත්තව තිබෙන අතර අනෙක් සියලුම වෙළඳසැල් වසාදමා ඇති අතරම ලංගම බස් පමණක් ධාවනය කෙරෙන අතර සියලුම පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව හර්තාලයට සහය ලබා දෙයි.

මේ හේතුව නිසාවෙන් උතුරේ දෛනික ක්‍රියාකාරකම් සිදු කරන සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වූහ.

-lanka c news

Related posts

නව ව්‍යවස්ථා සම්පාදක කමිටු වාර්තාව 21 දා පාර්ලිමේන්තුවට !

colombotoday

වසර 3ක් සිරගෙට නියම වූ සරණ ඇප මත නිදහස් වෙයි !

colombotoday

විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමේ කැබිනට් රැස්වීම කන්දවුවේ අගමැති – ජනපති හෙළිකරයි

colombotoday

තක්සේරු වටිනාකමටත් අඩුවෙන්, කුණු කොල්ලයට ඉන්දියාව මත්තල ගන්න හදයි !

colombotoday

ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්න

colombotoday

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday