Colombo Today Local News

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට මේ ආණ්ඩුවට බෑ – හිටපු ජනපති

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විපක්ෂ නායක ආර් සම්බන්ධන් පෙනී නොසිටින බව ප්‍රකාශ කළ ඔහු වවුනියාවේ නගර සභාවේ දෙමළ ජාතික සන්ධානය පරාජය වීමෙන් එම පක්ෂය කෙරේ ඇති විශ්වාසය බිඳ වැටී ඇති ආකාරය පෙනී යන බව කියා සිටියේය.

වව්නියාව නගර සභාවේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී ආනන්දසංගරී ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොදුරාජ්‍ය මණ්ඩල විධායක සභා රැස්වීමට සහභාගි වීමට යන අවස්ථාවේ ලන්ඩනයේදී දෙමළ ජනතාව විරෝධතාවක යෙදුනේ බලාපොරොත්තු ඉටු නොවීම නිසා බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

“බලාපොරොත්තු කඩ වුනාම ඒ මිනිස්සු විරුද්ධ වෙනවා,” යි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Related posts

“අනෙක් ජනවර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අපට නෑ. අපේ නායකයන්ටත් නෑ” – TNA

colombotoday

මිතුරාගේ පිහිපහරින් තරුණයෙක්‌ මරුට

colombotoday

සැරයන්ගේ රියදුරු බලපත් පොත ඉරා රියදුරු බලපත්‍රයත් කැඩූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදොස් කොට නිදහස් !

colombotoday

සංඛ්‍යාත 8ක් අතයටින් මහරාජාට දීලා.. බිලියන 3ක් රජයට අහිමි වෙයි !!

colombotoday

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday