Colombo Today Local News

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කෙරේ !

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග මතභේදාත්මක දුරකතන ඇමතුමක නියැලුණු නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇති බවට වාර්තා වනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණය එම සභාවේ ලේකම්වරයා විසින් දුරකථන මාර්ගයෙන් අද (24) නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි.

මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (23) දිනයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකරනු ලැබුවා.

Related posts

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

colombotoday

මම මංත්‍රී වුනාට පස්සේ වාහනයක් වුවමනා වෙයි

Admin

Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

colombotoday

තැළෙන,පොඩිවෙන,දුක් විඳින බඩගින්දර උහුලගන්න බැරුව ජීවිතේ යදින මිනිස්සු වෙනුවෙන් ටිකක් හිතපල්ලා – ඥානසාර හිමි

colombotoday

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

colombotoday

සංහිදියාවේ ගැට්ටෙන් වැටුණු කෝකිලායි පන්සලේ අවණඩුව

colombotoday